රත්නපුරේ පුද්ගල ඝාතනයක්..

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ.

by Staff writer 23-07-2023 | 11:34 AM

COLOMBO (News 1st) - රත්නපුර - හිඳැල්ලන ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බවයි.

මියගොස් ඇත්තේ 65 හැවිරිදි පුද්ගලයෙකි.

පහර කෑමෙන්  මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා ද ,බරපතළ තුවාල ලබා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් දෙදෙනෙකු සහ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.