ආසියාවේ නැගී එන ශූරයින් පකිස්ථානය

ඉන්දියාව පරාජය කළ පකිස්ථාන A පිල නැගී එන කණ්ඩායම් අතර ආසියානු ක්‍රිකට් ශූරතාවය දිනා ගනී..

by Staff writer 23-07-2023 | 10:03 PM

 COLOMBO (News 1st) –  පකිස්ථාන A කණ්ඩායම නැගී එන කණ්ඩායම් අතර ආසියනු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ය.

අවසන් මහා තරගයේදී ඔවුන් හමුවේ ලකුණු 128කින් පරාජයට පත් වුණේ ඉන්දීය A කණ්ඩායමයි.

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් මෙවර නැගී එන කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

තරගාය් පළමුව පන්දුවට පහර දුන් පකිස්ථාන A කණ්ඩායම වෙනුවෙන් තයබ් තාහීර් ලකුණු 108ක් ලබා ගත්තේය.

පකිස්ථාන A කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 352ක් රැස් කළේ ය.

ලකුණු 353ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය A කණ්ඩායමට පන්දුවාර 40ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 224ක් පමණි.