.webp)
ශ්‍රී ලංකාවේ පාසල් රග්බි තරග අතර ප්‍රධානතම තරගය වන මෙය අදියර දෙකකින් ක්‍රියාත්මකයි.
පළමු අදියර අද (22) පැවත්වුණේ මහනුවරදී.
ඒ සඳහා රාජකීය විද්‍යාලයේ නියොජිතයින් පිරිසක් කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා පිටත් වුණේ "බ්‍රැඩ්බි එක්ප්‍රස් විශේෂ දුම්රියෙනි".
මෙලෙස ඔවුන් තරගය නැඹීම සඳහා "බ්‍රැඩ්බි එක්ප්‍රස් විශේෂ දුම්රියෙන්" මහනුවර බලා පිටත් වූ 10 වන අවස්ථාව මෙයයි.
ඒ සඳහා පාසලේ විදුහල්පතිතුමන්, ආදිශිෂයන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.
පල්ලේකැලේ රග්බි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ආරම්භයේදී ඉදිරියෙන් සිටියේ රාජකීය විද්‍යාලයයි.
11 වැනි මිනිත්තුවේදී ඔවුන් ලකුණු රැස් කිරීම ආරම්භ කළේ, උත්සාහක දිනුමක් සාර්ථක කර ගනිමිනි.
රාජකීයයන් පළමු අර්ධයේදී ලකුණු 10 ට 0ක් ලෙස පෙරමුණ ගත්තේ ය.
කෙසේ නමුත් දෙවැනි අර්ධයේදී මැනවින් තරගයට අවතිර්ණ වූ ත්‍රිත්ව ක්‍රීඩකයින් ලකුණු 13ක් රැස් කළේ ය.
ඒ, උත්සාහක දිනුමකින්, ප්‍රවර්ථනයකින් සහ දඬුවම් පහර දෙකකිනි.
එම අර්ධයේදී රාජකීයයන්ට ලකුණු රැස් කිරීමට හැකි වුණේ නැත.
ඒ අනුව අද පැවැති බ්‍රැඩ්බි පළිහ පළමු අදියර අවසන් වුණේ, ලකුණු 13ට 10ක් ලෙස ත්‍රිත්ව විද්‍යාලයට ජය හිමිකර දෙමිනි.
මෙම තරගයේ දෙවැනි අදියර ලබන 5 වැනි දා පැවැත්වෙන්නේ කොළඹදීයි.
අදියර දෙකම අවසානයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරන කණ්ඩායමට බ්‍රැඩ්බි පලිහ හිමි වනු ඇත.
මේ වනවිට එම පලිහට හිමිකම් කියන්නේ පසුගියවර ශූරයින් වූ කොළඹ රාජකීය විද්‍යාලයයි.