බදුරලියේ වෙඩි තැබීමක්..

බදුරලියේ වෙඩි තැබීමක්..

by Staff writer 21-07-2023 | 2:21 PM

COLOMBO (News 1st) –  බදුරලිය, ලත්පදුර මොල්කාව මාර්ගයේ එකේ කණුව අසලදී වෙඩි තැබිමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ, වෙඩිතැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා බදුරලිය රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

අද (21) අලුයම් කාලයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබේ. 

තුවාල ලබා ඇත්තේ 30 හැවිරිදි බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වෙඩි තැබිමට සම්බන්ධ 39 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.