කෙහෙළියට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායක හමුවට..

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායක හමුවට..

by Staff writer 21-07-2023 | 5:05 PM

COLOMBO (News 1st) –  සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට භාරදී තිබේ.

ඒ , සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා විසින් ය.

සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එම විශ්වාසභංග යෝජනාව ගෙන ආවේ සමගි ජන බලවේගයයි.

ඒ , වගකීම් විරහිත ලෙස ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ සහ ශල්‍ය වෛද්‍ය උපකරණ ගෙන්වා සෞඛ්‍ය ක්ෂේත්‍රය දුර්වල කිරීම හා එමගින් මරණ සිදුවීම යන කරුණුවලට එරෙහිවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, රාජිත සේනාරත්න, චන්දිම වීරක්කොඩි, කුමාර වෙල්ගම ඇතුළු මන්ත්‍රීවරුන් 45 දෙනෙකු එම විශ්වාසභංග යෝජනාවට අත්සන් කර තිබේ.