ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ව්‍යාපෘති 4ක්.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ ව්‍යාපෘති 4ක් සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළැඹෙයි..

by Staff writer 21-07-2023 | 5:01 PM

COLOMBO (News 1st) – ඉන්දීය නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව දෙරටේ නායකයින් ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්විය.

එහිදී දෙරට අතර ඒකාබද්ධ ව්‍යාපෘති 4කට අදාල අවබෝධතා ගිවිසුම් හා සාම්පූර්හි ඉදි කිරීමට යෝජිත සූර්ය බල ව්‍යාපෘතියේ අවසර පත්‍රය හුවමාරු කර ගන්නා ලදී.‍

ඒකාබද්ධ සත්ත්ව පාලන ව්‍යාපෘතිය සඳහා වන අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගත්තේ, ඉන්දීය සත්ත්ව පාලන දෙපාර්තමේන්තුවේ ලේකම්වරිය හා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා අතරයි.

ඒකාබද්ධ පුනර්ජණනීය ව්‍යාපෘතියක්, ඒකාබද්ධ ගෙවීම් පද්ධතියක් හා ත්‍රිකුණාමලය ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම් 3 ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන් අතර හුවමාරු කර  ගැනිණි.

දෙරටේ මහ කොමසාරිස්වරුන් දෙදෙනා සාම්පූර්හි ඉදි කිරීමට යෝජිත සූර්ය බල ව්‍යාපෘතියේ අවසර පත්‍රය ද හුවමාර කර ගත්තේය.