ඇල්පිටිය ප්‍රා. සභාවේ ධුර කාලය දීර්ඝ කෙරේ..

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කෙරේ..

by Staff writer 21-07-2023 | 2:40 PM

COLOMBO (News 1st) – ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබේ.

ඒ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි. 

2019 නොවැම්බර් මස 26 වැනි දින ආරම්භ වූ එම ප්‍රාදේශීය සභාවේ ධුර කාලය මේ වසරේ නොවැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත . 

අති විශේෂ ගැසට් නිවේදනය හරහා එය ලබන වසරේ නොවැම්බර් 4 වැනිදා දක්වා තවත් වසරකින් දීර්ඝ කර තිබේ.