අතුරුදන්ව සිටි මව සහ බිළිඳියගේ සිරුරු හමුවෙයි..

අතුරුදන්ව සිටි මව සහ බිළිඳියගේ සිරුරු ළඳු කැළෑවකින් හමුවෙයි..

by Staff writer 21-07-2023 | 3:22 PM

COLOMBO (News 1st) –  අඟුරුවාතොට, ඌරතුඩාව ප්‍රදේශයේ අතුරුදන්ව සිටි කාන්තාවගේ හා ඇගේ දියණියගේ මළ සිරුරු නිවස ආසන්නයේ ළඳු කැළෑවක තිබී සොයාගෙන තිබේ.

වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ඔවුන් පසුගිය 18 වැනිදා පස්වරුවේ සිට අතුරුදන්ව සිටි බවයි.

තමා රැකියාව කර නිවසට පැමිණ සොයා බැලීමේදි බිරිඳ හා දියණිය නොමැති බවට කාන්තාවගේ සැමියා කළ පැමිණිල්ලකට අනුව ඔවුන් සොයා විමර්ශන ආරම්භ කළේය.

පොලීසිය සඳහන් කළේ, අද උදෑසන මළ සිරුරු දෙකක නිවසට කිලෝ මීටරයක් පමණ එපිටින් පිහිටි ළඳු කැළෑවක වලක තිබී සොයා ගත් බවයි. 

එලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි කාන්තාවක් හා මාස 11 ක් වයසැති ඇගේ දියණියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඥාතියෙකු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.