.webp)
පොලීසිය සඳහන් කළේ, සැක කටයුතු මෝටර් රථයක් නතර කරන ලෙසට කළ අණ කළ ද, එය අණ නොතකා එය ධාවනය කර ඇති බවයි.
පසුව පොලිස් නිලධාරීන් අදාළ රථය ලුහුබැඳ ගොස් නතර කර තිබුණි.
එම අවස්ථාවේදී මෝටර් රථය තුළ සිටි පුද්ගලයින් 4 දෙනෙකු පළාගොස් ඇති අතර, එක් අයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෝටර් රථය තුළ තිබී කඩු 4 ක්, පුපුරණ ද්‍රව්‍ය ඇතුළු නිධන් හෑරීම සඳහා යොදා ගන්නා උපකරණ තොගයක් සොයාගෙන ඇත.
අනතුරුව පළා ගිය සැකකරුවන් ද, ගිරිඋල්ල, කොටදෙණියාව සහ මීරිගම පොලිස් වසම්වලදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔවුන් නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් බිබිල ප්‍රදේශයට ගොස් නැවත පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට පත්ව ඇතැයි පොලීසිය සඳහන් කළේය.
අනතුරුව, ඔවුන්ට පුපුරණ ද්‍රව්‍ය ලබාදීම සම්බන්ධයෙන් ද තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.