.webp)
විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ජනාධිපතිවරයා එම සංචාරයේදී ඉන්දීය ජනාධිපති ශ්‍රී මතී ද්‍රොපදී මුර්මු මහත්මිය මුණ ගැසෙන බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හමුවී අනෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
දෙරට අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට ජනාධිපතිවරයාගේ මෙම සංචාරය ඉවහල් වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.