රුසියාව යුක්‍රේන වරායකට පහර දෙයි

රුසියාව යුක්‍රේන වරායකට පහර දෙයි

by Staff writer 19-07-2023 | 6:54 AM

COLOMBO (News 1st) - රුසියාව ඊසානදිග යුක්‍රේනයේ පිහිටි වරායකට ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම වරාය ප්‍රධාන වශයෙන් ධාන්‍ය අපනයනය කිරීම සඳහා භාවිත කරන බවයි.

කළු මුහුදේ ධාන්‍ය අපනයනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ක්‍රියාත්මක වූ ගිවිසුමෙන් ඉවත් වී දිනකට පසු එම ප්‍රහාරයන් එල්ල කිරීම විශේෂත්වයක් බව විදෙස් වාර්තාවල සඳහන් විය.

රුසියානු හමුදා පවසන්නේ, තමන් ඔඩේසාහි ඉන්ධන ගබඩාවට සහ එහි මුහුදු ඩ්‍රෝන යානා නිපදවන කම්හලකට පහර දුන් බවයි. 

යුක්‍රේනය විසින් අත්පත් කරගත් ක්‍රයිමියාවෙහි මාර්ග පාලමට විනාශ කිරීමට ප්‍රතිචාර දැක්වමින් ඔවුන් එම ප්‍රහාර එල්ල කර තිබේ. 

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ, එම ධාන්‍ය වරායට ප්‍රහාරය එල්ල වීම හේතුවෙන් ප්‍රධාන වශයෙන් අප්‍රිකාවේ සහ ආසියාවේ ආහාර මිල ඉහළ යාමට ද බලපෑම් එල්ල විය හැකි බවයි.

කෙසේ වෙතත් යුක්‍රේනයේ කෘෂිකර්මාන්තය හා ධාන්‍ය අපනයනය ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව සටන් කරන බව ජනාධිපති වොලොඩමිර් සෙලෙන්ස්කි සඳහන් කළේ ය.