.webp)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, රෝහලෙහි විශේෂඥ වෛද්‍යවරියකගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.
කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ, හදිසි ප්‍රතිකාර සේවාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.
මේ පිළිබඳව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතාගෙන් අප විමසීමක් කළෙමු.
ඔහු පැවසුවේ, මේ වැඩ වර්ජනය පිළිබඳව නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහි වාර්තාව සිකුරාදා ලැබෙනු ඇති බව ද ඔහු කියා සිටියේ ය.