බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ

තිරිඟු පිටි මිල අඩු වුණාට පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන්න බෑ - බේකරි හිමියන්ගේ සංගමය

by Staff writer 19-07-2023 | 6:48 AM

COLOMBO (News 1st) - තිරිඟු පිටි මිල පහළ ගිය ද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි තම සමාගමේ සෑම වර්ගයකම තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කළ බව ප්‍රීමා සමාගම පැවසීය.

ඒ අනුව පාන් නිෂ්පාදනයට යොදා ගන්නා තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රු. 200 ක් දක්වා පහළ ගියේ ය.

නමුත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, මීට සති කිහිපයකට පෙර බේකරි නිෂ්පාදන මිල ගණන් අඩු කළ නිසා යළි පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීමට හැකියාවක් නොමැති බවයි.