ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 02ක් ..

ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 02ක් ..

by Staff writer 19-07-2023 | 2:25 PM

COLOMBO (News 1st) –  ගත වූ පැය 24 තුළ ඩෙංගු මරණ 02ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර තිබේ. 

වසරේ මේ දක්වා වාර්තා වී ඇති මුළු ඩෙංගු මරණ සංඛ්‍යාව 36 කි.

මේ අතර, ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව යළිත් 50 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසරේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 53,700 කි.

ඒ අතරින්, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ, බස්නාහිර පළාත තුළයි.

එම සංඛ්‍යාව 26,702 ක් ලෙස සඳහන් වේ.