.webp)
ඒ, එම ප්‍රදේශවල ගොවීන් දිග නාඩු නැමති වී ප්‍රභේදය වගා කිරීම හේතුවෙනි.
වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, එම වී ගොවීන්ගෙන් මිලදී ගත්ත ද සහල් බවට පත් කිරීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවයි.
මේ වනවිට රත්නපුර, හම්බන්තොට, මොණරාගල, පොළොන්නරුව හා අම්පාර දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීම ආරම්භ කර ඇති අතර අද සිට කිලිනොච්චිය හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීම ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පැවසීය.
බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, නඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 95 කටත් සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 105 කටත් කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 110 ක මිලකටත් මිලදී ගැනීමට පියවර ගන්නා බවයි.
කෙසේ වෙතත් ප්‍රදේශ රැසක ගොවීන් පවසන්නේ, යල කන්නයේ වී අස්වැන්න නිසි මිලකට අලෙවි කර ගත නොහැකි බවයි.