අම්බලන්තොට නිවෙසක වෙඩි තැබීමක්

අම්බලන්තොට වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

by Staff writer 19-07-2023 | 6:14 AM

COLOMBO (News 1st) - අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ තිදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි කොග්ගල්ල, උතුරු කඩවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පැවසුවේ, අද අලුයම නිවසේ කාමරයකට එබී බලමින් මියගිය තැනැත්තාගේ පුත්‍රයා පිළිබඳ පුද්ගලයෙකු සොයා ඇති අතර එය පාඩම් කරමින් සිටි ඔහුගේ මිණිබිරියක දැක කෑ ගසා ඇති බවයි.

අනතුරුව විදුලි පන්දමක් ද රැගෙන නිවසේ පසුපස දොරින් පැමිණ එය පරීක්ෂා කිරීමේදී 62 හැවිරිදි පුද්ගලයාට වෙඩි තබා පිරිස පළාගොස් ඇති බව පොලීසිය පැවසීය.