වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කළ දෙදෙනෙකු කොටු..

අම්බලන්තොට නිවසකට ඇතුළු වී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට..

by Staff writer 19-07-2023 | 3:49 PM

COLOMBO (News 1st) – අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකි.

අද අලුයම සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 62 හැවිරිදි කොග්ගල්ල, උතුරු කඩවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇත.

වෙඩි තැබීමට පැමි'ණි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.