.webp)
මෙම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් අග්‍රාමාත්‍ය ලී සියෑන් ලෝන්ග් මහතා ප්‍රකාශ කර ඇත්තේ, ටෑන් චුවාන් ජින් මහතා පාර්ලිමේන්තු සම්ප්‍රදායට නොගැලපෙන අයුරින් හැසිරෙමින් වරදක් සිදුකළ බව පිළිගැනීම තමන් අගය කරන බවයි.
පාර්ලිමේන්තු විවාදයකදී පාර්ලිමේන්තු සහකාර මන්ත්‍රී මහාචාර්ය ජේම්ස් ලිම් මහතාට අසභ්‍ය වචනයෙන් බැන වැදීම සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සමග අයථා සම්බන්ධයක් පැවැත්වී පිළිබඳව සිංගප්පූරුවේ කතානායක ටෑන් චුවාන් ජින් මහතාට චෝදනා එල්ල වුණි.
පාර්ලිමේන්තුවේදී ශිෂ්ට සම්පන්න නොවන මෙන්ම පාර්ලිමේන්තුවට නොගැලපෙන අසභ්‍ය වචන ප්‍රකාශ කිරීමෙන් තමන් වැරද්දක් සිදු කළ බව පසුව ඔහු පිළිගත්තේ ය.
දෙදරු පියෙකු වන ටෑන් චුවාන් ජින් මහතා සමග අයථා සම්බන්ධයක් පවත්වා ඇති බවට චෝදනා එල්ල වූ චෙන්ග් ලී වෙයි මහත්මිය ද මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ, පාර්ලිමේන්තු කතා නායක ධුරය දරන්නෙකුට විෂමාචාර චෝදනා එල්ල වීම කිසිසේත් සැහැල්ලුවෙන් ගත හැකි කරුණක් නොවන බවයි.
ප්‍රවාහන අමාත්‍යවරයාට එරෙහිව දූෂණ ක්‍රියා සම්බන්ධව විමර්ශනයක් ක්‍රියාත්මක වන පසුබිමක පාලක පක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් දෙදෙනෙකු විෂමාචාර ක්‍රියා හේතුවෙන් ඉල්ලා අස්වීම සිංගප්පූරු පාලක පක්ෂයේ ජනප්‍රියත්වය පහළ යාමට හේතු වනු ඇති බවට දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.