අත්‍යවශ්‍ය සේවාවන් කිහිපයක් ගැසට් කෙරේ

විදුලිය, ඛනිජ තෙල් සහ සෞඛ්‍ය සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත්කරමින් අතිවි⁣ශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 18-07-2023 | 8:50 AM

COLOMBO (News 1st) - සේවා කිහිපයක් තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයේ දැක්වුණේ, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය සහ සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් එල්ල වීම වැළැක්වීම සඳහා එම පියවර ගත් බවයි.

ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති.

එමෙන්ම රෝහල්වල, සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවා අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කර ඇතැයි ද අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වේ.