.webp)
බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පැවසුවේ, අද (18) උදෑසන රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡාව පැවැත්වීමට නියමිත අතර ඉදිරි ක්‍රියාමාර්ග ඉන් පසු තීරණය කරන බවයි.
අද උදෑසන රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා, තවත් නිලධාරීන් කිහිපදෙනෙකු සමග මෙම සාකච්ඡාව පැවැත්වෙන බව බහාලුම් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමය පැවසීය.
එම සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, බහාලුම් නිෂ්කාශනයේ පවතින ගැටලු කිහිපයක් මුල් කර ගනිමිනි.
දින ගණනාවක් තිස්සේ කොළඹ වරායේ බහාලුම් ප්‍රවාහන සම්බන්ධයෙන් ගැටලු පැවතුණි.