ආර්ථික බංකොලොත්භාවය:කමිටුව අද රැස්වෙයි

ආර්ථික බංකොලොත්භාවය සෙවීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද රැස්වෙයි

by Staff writer 18-07-2023 | 5:48 AM

COLOMBO (News 1st) - ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු සෙවීමට පත්කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද (18) පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පළමු වතාවට රැස්වීමට නියමිතව තිබේ.

කාරක සභා සභාපති නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව අද දිනයේ සාකච්ඡා කරන බවයි.

රටේ මූල්‍ය බංකොලොත්භාවයට හේතු වූ කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වූ විශේෂ කාරක සභාව පසුගිය 6 වැනි දා පත්කෙරුණේ මන්ත්‍රීවරුන් 14 කගේ සහභාගීත්වයෙනි.

මෙම විශේෂ කාරක සභාවේ 9 දෙනෙකු පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන අතර විපක්ෂය නියෝජනය කරන්නේ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පමණයි.

පළමුවරට කාරක සභාව හමුවට කැඳවන අය පිළිබදව අද දිනයේ සාකච්ඡා කරන බව කාරක සභාවේ සභාපති සාගර කාරියවසම් මහතා පැවසීය.

මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, මෙම කාරකසභාවෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් සහභාගී නොවන බවයි.