අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කළ පිරිසක් අත්අඩංගුවට

අපරික්ෂාකාරී ලෙස රිය ධාවනයේ නිරත වූ යතුරු පැදි 16ක් හා මෝටර් රථයක් අත්අඩංගුවට

by Staff writer 18-07-2023 | 4:57 PM

COLOMBO (News 1st) - කඩුවෙල ප්‍රදේශයේදී අපරීක්ෂාකාරි ලෙස ධාවනයේ නිරතවූ , යතුරු පැදි 16 ක් සහ මෝටර් රථයක් පොලිසිය භාරයට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, කඩුවෙල වැලිවිට, වැවපාර හා චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ තරුණයින් පිරිසක් අපරික්ෂාකාරී ලෙස ධාවන කටයුතුවල නිරත වන බවට ලද තොරතුරක් මත, එම යතුරු පැදි සහ මෝටර් රථය සිය භාරයට ගත් බවයි.

යතුරු පැදි හා මෝටර් රථය ධාවනය කල තරුණයින්ට එරෙහිව නඩු පවරන බව පොලිසිය ප්‍රකාශ කළේ ය.