යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට යළිත් ශෙල් ප්‍රහාර..

යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට යළිත් ශෙල් ප්‍රහාර....

by Staff writer 17-07-2023 | 2:31 PM

COLOMBO (News 1st) - රුසියාව, යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට යළිත් ශෙල් ප්‍රහාර එල්ල කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි .

ප්‍රහාර එල්ල වීමෙන් අනතුරුව, අදාළ ප්‍රදේශයේ ගින්නක් ද හටගෙන තිබේ.

රුසියානු බලය යටතේ තිබූ කාර්කිව් ප්‍රදේශයේ බොහෝ ප්‍රදේශ යුක්‍රේනය යළිත් අත්පත් කරගත්තද , රුසියාව තවමත් එක් ප්‍රදේශයක බලය අල්ලාගෙන සිටියි.