විවිධ අපරාධවලට සම්බන්ධ 13 ක් අත්අඩංගුවට..

බොරැල්ලේ මෙහෙයුමකදී විවිධ අපරාධවලට සම්බන්ධ 13 දෙනෙකු අත්අඩංගුවට..

by Staff Writer . 17-07-2023 | 10:49 AM

COLOMBO (News 1st) – බොරැල්ල, සහස්පුර මහල් නිවාස සංකීර්ණය ආශ්‍රිතව ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ, වරෙන්තුකරුවෙකු හා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු ද ඒ අතර වන බවයි.

පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව මෙහෙයුම දියත් කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.