හෘද සැත්කම් සඳහා ළමුන් 2000ක් පොරොත්තු ලේඛනවල..

හෘද සැත්කම් සඳහා ළමුන් 2000ක් පොරොත්තු ලේඛනවල..

by Staff writer 15-07-2023 | 2:11 PM

COLOMBO (News 1st) – හෘද සැත්කම් සඳහා ළමයින් 2000ක් පමණ පොරොත්තු ලේඛනවල සිටින බව රිප්වේ ආර්යා ළමා රෝහල පවසයි. 

එහි අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළේ, රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍ය කාර්ය මණ්ඩලය දිනකට හෘද සැත්කම් 05 බැගින් සිදුකිරීමට කටයුතු කරන බවයි.

සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මහත් කැපවීමෙහන් ඒ සඳහා කටයුතු කළද දැනට පවතින භෞතික පහසුකම් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් සැත්කම් සංඛ්‍යාව වැඩිකිරීමට නොහැකි වී ඇති බව වෛද්‍ය ජී. විජේසූරිය මහතා ප්‍රකාශ කළේ ය.

මීට පිළියමක් ලෙස මහල් 11කින් සමන්විත ළමා හෘද රෝග ඒකකයක් කොළඹ ළමා රෝහලේ ඉදිකිරීම් මේ වනවිට ආරම්භ කර තිබේ. 

එහි වැඩකටයුතු ලබන වසර මැද නිම කිරීමට සැලසුම් කර ඇති බව වෛද්‍ය ජී විජේසූරිය මහතා සඳහන් කළේ ය.