කෙහෙළියට විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීමට සාකච්ඡා..

කෙහෙළියට එරෙහිව විශ්වාසභංගය ගැන විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කිරීමේ සූදානමක්

by Staff writer 15-07-2023 | 1:21 PM

COLOMBO (News 1st): සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්කවැල්ල මහතාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කරන බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. 

ඔහු පැවසුවේ , හෙට දිනයේ එම රැස්වීම පැවැත්වෙන බවයි.

සෞඛ්‍ය පද්ධතිය නිසි පරිදි කළමනාකරණය නොකිරීමට එරෙහිව මෙම පියවර ගන්නා රංජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ ය.

ඔහු පැවසුවේ හෙට පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරන බවයි.