.webp)
COLOMBO (News 1st) – පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ප්‍රශ්න සහගත ලෙස මියගිය චමෝදි සංදීපනීගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ, විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එම කණ්ඩායම හෙට දිනයේ පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන ආරම්භ කරන බවයි.
කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලදී අදාළ තරුණියට ලබාදුන් එන්නත මරණයට හේතු වී නොමැති බව හෙළිව ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු සඳහන් කළේ විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් එය සැකහැර තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකි බවයි.
අදාළ එන්නත ලබාදුන් 12 දෙනෙකු මේ වනවිටත් පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබන බවද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ය.
21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා කැටපිටිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබුණේ පාචන රෝග තත්ත්වයක් හේතුවෙන් ය.
එදින රාත්‍රියේ එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර තිබුණි.
ඥාතීන් පවසන්නේ ඇයට ලබාදුන් එන්තකින් පසුව ඇය රෝගී වී මිය ගිය බවයි.