ඩෙංගු මර්දන සහායකයින් අඛණ්ඩ සත්‍යග්‍රහයේ

ඩෙංගු මර්දන සහායකයින් අඛණ්ඩ සත්‍යග්‍රහයේ

by Staff writer 14-07-2023 | 6:55 AM

COLOMBO (News 1st) –  ඩෙංගු මර්දන සහකයන්ගේ අඛණ්ඩ උපවාසය අද(14) දෙවැනි දිනටත් ක්‍රියාත්මක වෙයි. 

ඔවුන් මෙම උපවාසය ආරම්භ කළේ සිය සේවා ස්ථිර කර දෙන ලෙස සහ දීමනා ඉහළ නංවන ලෙස ඉල්ලමින් ය.

සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් ඉදිරිපිටදීම මෙම උපවාසය පැවැත්වෙන බව ඔවුන් ප්‍රකාශ කළේ ය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් නිවුස්ෆස්ට් විමසීමක් කළේ ය.

ඔහු ප්‍රකාශ කළේ, සැප්තැම්බර් මාසය වනවිට ඩෙංගු මර්දන සහයකයින්ගේ ගැටලු විසදීමට කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාද තමන්ට සහතිකයක් දුන් බවද ඔහු පැවසුවේ ය.

මේ අතර, විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද දෙවැනි දිනටත් දීපව්‍යාප්තව ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.