ගිනිඅවි 2ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

ගිනිඅවි 2ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 14-07-2023 | 3:53 PM

COLOMBO (News 1st) – ගල්කටස් වර්ගයේ ගිනිඅවි 2ක් සමග වි‍ශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරු එළැඹෙන 21 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ සැකකරු අද (14) බලපිටිය උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  

අම්බලන්ගොඩ පොලිස් වසමේ ගොඩහේන ප්‍රදේශයේ  පොලිස් විශේෂ කාර්ය බලකායේ, දකුණු පළාතේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් 43 හැවිරිදි සැකකරු ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබිණ.