ගලපිටමඩදී වෙඩි පත්තු වෙයි.. පුද්ගලයෙක් මරුට

ගලපිටමඩදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කෙරේ

by Staff writer 14-07-2023 | 3:48 PM

COLOMBO (News 1st) – ගලපිටමඩ, දුනුමාල හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර  තිබේ. 

පොලීසිය පැවසුවේ එලෙස  ඝාතනය කර  ඇත්තේ 41 හැවිරිදි දුනුමාල ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

එම පුද්ගලයා අද පෙරවරුවේ කැබ් රථයෙන් සිය නිවසට යමින් සිටියදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කර ඇති බවට මූලික මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 

මෘත ශරීරය සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.