.webp)
COLOMBO (News 1st) – පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් ජාතික ඖෂධ නියාම අධිකාරියේ 31 හැවිරිදි සේවකයකු ඊයේ මිය ගොස් තිබේ.
නිලන්ත කෞෂාන් නමැති ඔහු ජුනි 28 වැනිදා සිට ජුලි 01 වැනිදා දක්වා ඔහු රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ඇති බව සඳහන් ය.
එහිදි ප්‍රතිකාර කිරීම සඳහා කැනියුලාව යෙදූ ස්ථානයේ ඇති වී තිබූ ආසාදන තත්ත්වයක් හේතුවෙන් පසුව ඔහු ජුලි 05 වැනිදා පානදුර රෝහලට ඇතුළත් වී තිබිණ.
පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දිල්රුක්ෂි ධීරසිංහ මහත්මිය සඳහන් කළේ, ඔහු පරික්ෂා කිරීමේදී ලේවල විෂබීජ ආසාදන තතත්වයක් හා හෘදය ආශ්‍රිතව ආසාදන තතත්වයක් හඳුනාගත් බවයි.
වැඩිදුර ප්‍රතිකාර ලබාදීම සඳහා ඔහු මාරු කර යැවීමට හෘද රෝග දැඩිසත්කාර ඒකකයක් ඇති රෝහලක් සොයා ගැනීමට තමන් දැඩි පරිශ්‍රමයක් දැරු බව ඇය සඳහන් කළා ය.
ඇය ප්‍රකාශ කෙළ්, රෝගියා ඇතුළත් කිරිම සඳහා කොළඹ ජාතික රෝහල, මහනුවර ජාතික රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල වැනි රෝහල්වලින් ද සඳහා විමසිම් සිදු කළ බවයි.
වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, එම කිසිදු රෝහලක දැඩි සත්කාර ඒකකවල හිස් ඇඳක් නොතිබූ බවයි.