.webp)
COLOMBO (News 1st) – ඉන්දියාවේ, රාජස්ථාන් ප්‍රාන්තයේ රෝහලක සිදුකළ ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලින් පසුව පුද්ගලයින් 18 දෙනෙකුගේ ඇස නොපෙනීයාම හේතුවෙන් ඊට භාවිත කළ ඖෂධ හා උපකරණ පිළිබඳව ක්ෂුද්‍ර ජීව විද්‍යා පරික්ෂණ ආරම්භකර තිබේ.
සවායි මන් සිං රෝහලේ අධිකාරී අචල් ශර්මා මහතා ප්‍රකාශකලේ, ජුනි 26 සිට ජුනි 28 දක්වා දිනවල අක්ෂි සැක්කම්වලට භාජනය කල රෝගීන්ට සියුඩෝමොනෑස් බැක්ටිරියාව ආසාධනය වී ඇති බවයි.
සැත්කම් සඳහා භාවිත කළ ඖෂධවලට අමතරව බිත්ති, විදුලි ආලෝක උපකරණ, ශල්‍යාගාර මේසය, ජලය, වායු සමීකරණ යන්ත්‍ර ඇතුළු සාම්පල සීයයකට වැඩි ප්‍රමාණයක් ක්ෂුද්‍ර ජීව විද්‍යා පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව සවායි මන් සිං රෝහලේ අධිකාරී අචල් ශර්මා මහතා ප්‍රකාශ කළේ ය.
කෙසේවෙතත් පෙනීම නොලැබී ගොස් සහ වෙනත් සංකූලතා ඇති රෝගීන් 18 දෙනා සැත්කම්වලට ලක්කෙරුණේ වෙනස් ශල්‍යාගාර සහ වෙනස් වෛද්‍ය කණ්ඩායම් විසින් බවත් දින කිහිපයක් තුළ එම සැත්කම් සිදුකර ඇති බවත් සවායි මන් සිං රෝහල පවසයි.
ඇස නොපෙනී ගොස් ඇති රෝගීන්ට නිවෙස් වෙත යන ලෙස සවායි මන් සිං රෝහල ප්‍රකාශ කළත් නැවත පෙනීම ලැබෙන තෙක් ඉන් පිටව යාමට ඇතැම් රෝගීන් එතඟ වී නොමැත.
ඔවුන් පවසන්නේ නැවත තමන්ට පෙනීම ලැබෙන බවට රෝහල සහතික විය යුතු බවයි.
අසාදනයක් බව ප්‍රකාශ කළ ද ඊට අදාළ කිසිදු තොරතුරක් රෝහල් බලධාරීන් තමන් වෙත ප්‍රකාශ නොකර බව ද ඔවුහු චෝදනා කළහ.
සවායි මන් සිං රෝහලේ සියුඩෝමොනෑස් බැක්ටිරියාව ආසාදනවී ඇති රෝගීන් සැත්කම්වලට ලක්කළ දිනවල 70 කට අධික පිරිසක් අක්ෂි සැත්කමවලට මුහුණදී තිබේ.
මෙරට ජාතික අක්ෂි රෝහලේ සහ නුවරඑළිය මහ රෝහලේ පසුගිය මාස කිහිපයේ සිදුකළ සැත්කම්වලින් පසුව රෝගීන් 20 දෙනෙකුගේ පමණ ඇසේ ආසදන මතුවූ අතර ඇතැම් රෝගීන් ප්‍රකාශ කළේ , තම ඇස නොපෙනී ගොස් ඇති බවයි.
මෙම රෝගීන්ට භාවිත කළ ප්‍රෙඩ්නිසෙලොන් නමැති ඇසට දමන දියර ඖෂධයේ පැවති බර්කෝල්ඩේරියා සෆේෂියා බැක්ටිරියාව ඊට හේතුවී තිබිණ.
ඉන්දිය රෝගීන්ට ආසදනයවී ඇති සියුඩෝමොනෑස් බැක්ටිරියාව සහ මෙරට රෝගීන්ට ආසදානය වූ බර්කෝල්ඩේරියා සෆේෂියා නමැති බැක්ටිරියාව අතිශය සමාන ක්ෂුද්‍රජීවී විශේෂ වන අතර මූලික පරික්ෂණවලින් වෙන්කර හඳුනා ගැනීමට හැකියාවක් නොැමැත.
මෑතක් වනතුරු ඉන්දියාව රෝගීන්ට ආසාදනයයී ඇති සියුඩෝමොනෑස් බැක්ටිරියාවේ නම මෙරට රෝගීන්ට ආසාදනයවී ඇති බැක්ටිරියාවට ද භාවිත කර තිබේ.
ශ්‍රී ලංකාවේ භාවිත කළ ප්‍රශ්නගත ප්‍රෙඩ්නිසෙලොන් දියරය නිෂ්පාදනය කළ ඉන්දියානා සමාගම පිහිටා ඇත්තේ ඉන්දියාවේ රෝගීන් 18 දෙනෙකුගේ ඇස නොපෙනන තත්ත්වයක් ඇතිවූ සවායි මන් සිං රෝහල පිහිටා ඇති රාජස්ථාන් ප්‍රාන්තයට අසල් වැසි ගුජරාට් ප්‍රාන්තයේයි.