අතුරුදන් වූ ඩෙන්මාර්ක තරුණියගේ සිරුර සොයා ගනී

අලගල්ල කන්ද තරණයට ෙගාස් අතුරුදන් වූ ඩෙන්මාර්ක තරුණියගේ සිරුර සොයා ගනී

by Staff writer 14-07-2023 | 3:47 PM

COLOMBO (News 1st) – මහනුවර, පොත්තපිටිය අලගල්ල කන්ද තරණය කිරීමට ගොස් අතුරුදන් වූ විදේශීය කාන්තාවකගේ මළ සිරුර සොයාගෙන තිබේ. 

පොලිසිය පැවසුවේ 32 හැවිරිදි, ඩෙන්මාර්ක ජාතික කාන්තාවක් අලගල්ල කන්ද තරණය සඳහා පෙරේදා උදෑසන අම්පිටියේ ඇය නැවතී සිටි හෝටලයෙන් පිටත්ව ගොස් තිබූ බවයි.

නමුත් ඇය එදින නැවත හෝටලය වෙත නොපැමිණීම හේතුවෙන් එහි කළමනාකාරීත්වය මේ පිළිබඳව මහනුවර සංචාරක පොලිසියට දැනුම් දී තිබේ. 

පසුව ඇය සොයා යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මෙහෙයුම් ආරම්භ කළ අතර අද ඇගේ මළ සිරුර සොයා ගැනුණු බව පොලිසිය පැවසී ය. 

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මකයි.