පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම ගැන නිවේදනයක්..

2024 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් අගෝස්තු 18 වැනිදා දක්වා භාර ගැනේ..

by Staff writer 13-07-2023 | 2:53 PM

COLOMBO (News 1st) –  2024 වර්ෂයට අදාළව රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත්‍ර අගෝස්තු 18 වැනිදා දක්වා භාර ගන්නා බව අධ්‍යාපන ඇමතිවරයා සඳහන් කරයි. 

අයදුම්පත්‍ර විදුහල්පතිවරුන්ට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුත් බවත් ඇමතිවරයා සඳහන් කළේ ය.