.webp)
COLOMBO (News 1st) – සෞඛ්‍ය සේවය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු දිනෙන් දින උග්‍ර අතට පත් වෙමින් ඇති පසුබිමක පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් තවත් ප්‍රශ්නගත මරණයක් ඊයේ වාර්තා විය.
පාචන රෝග තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ප්‍රශ්නගත ලෙස පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එලෙස මිය ගිය චමෝදි සංදීපනීගේ දේහය අද ඇගේ නිවසට රැගෙන ආවේ ය.
21 හැවිරිදි චමෝදි සංදීපනී පසුගිය සඳුදා කැටපිටිය ප්‍රා දේශීය රෝහලට ඇතුළත් කර තිබුණේ, පාචන රෝග තත්ත්වයක් හේතුවෙනි.
එදින රාත්‍රී එම රෝහලේ ප්‍රතිකාර ලැබූ ඇය පෙරේදා උදෑසන පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබිණ.
ඥාතීන් පවසන්නේ ඇයට ලබාදුන් එන්නතකින් පසුව ඇය රෝගී තත්ත්වයට පත්වී පසුව මියගිය බවයි
චමෝදිට මොකද වුණේ?
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා සහ කායික රෝග අංශය භාර විශේෂඥ වෛද්‍යවරයා අද මාධ්‍ය හමුවක් කැඳවා මේ පිළිබඳව පැහැදිලි කළහ.
පේරාදෙණිය ශික්ෂණ රෝහෙල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අර්ජුන රත්නායක මහතා පැවසුවේ, විශේෂ පරීක්ෂණ සඳහා රුධිර, පටක සහ ආහාර සාම්පල ෙයාමු කර ඇති බවත් එම පරීක්ෂණවලින් පසුව අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන බවත් ය.
''දැනට විවෘත තීන්දුවක් තමයි ලබා දීලා තිබෙන්නේ. තව විශේෂ පරීක්ෂණ සඳහා රුධිරය සහ පටක සාම්පල සහ ආහාර සාම්පල යවලා තිබෙනවා අදාළ පරීක්ෂණ කටයුතුවලට. ඒ පරීක්ෂණ කටයුතුවලින් පසුව තමයි අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ ''
එන්නතක ප්‍රශ්නයක් තිබුණා ද?
''මේක දෛනිකව දවසකට වරක් දෙන ඖෂධයක්. ස්ට්‍රෙෆ් ට්ටෑක්සොන් කියන ඖෂධය ග්‍රෑම් දෙකක් ලබා දෙන්න ඕන. එතකොට එක වයල් එක තියෙන්නෙ ග්‍රෑම් එකයි. ඒ නිසා වයල් දෙකක් දීලා තියෙනවා''
තවද මාධ්‍වේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී අධ්‍යක්ෂවරයා පැවසුවේ වෛද්‍යවරයකුගේ නිර්දේශ අනුව අදාළ එන්නත ඇයට ලබා දී ඇති බවයි.
පේරාදෙණිය ශික්ෂණ රෝහෙල් කායික රෝගී අංශයේ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය උදය රළපනාව සිද්ධිය සම්බන්ධෙයන් මෙලස අදහස් පළ කෙළ් ය.
''විශේෂයෙන්ම එයාගේ සී. ආර්. පී කියන, අර අපි බලනවා රෝගියා කොච්චර දරුණු මට්ටමක රෝගියෙක්ද කියලා, එක සාමාන්‍යයෙන් තියෙන්න ඕන 6 ට අඩුවෙන්, මේ දියණියගෙ එම අගය දෙසිය හැත්තෑ ගාණක් වගේ වැඩි අගයක තිබ්බා, දෙසිය හැත්තෑ ගානක් වගේ තියනකොට අපි දන්නවා ඇඟ තුළට ශරීරයට බැක්ටීරියා ආසාදනය ආසාදනය ලකුණු තියනවා. ඒ වගේ අවස්ථාවකදී සාමාන්‍යයෙන් වෛද්‍යවරු විදියට අපි ප්‍රතිජීවක ඖෂධ පාවිච්චි කරනවා. ඖෂධය දීම එක්කම කඩා වැටීමක් සිදු වෙලා තිබෙනවා. මේ වගේ සිද්ධියක් අපි දකිනවා ඒ දෙන සංයෝගයට, එහෙම නැත්තං ඒ දෙන ඖෂධයට වෙන ආසාත්මිකතාවයක්. ඒ කියන්නේ අපි කියනවා ඇලජි රිඇක්ෂන් කියලා. annapilactic shock කියන එකේදි ඉතාම කලාතුරකින් සමහරු මිය යනවා. ඒක ලෝකයේ ගත්තහම දත්තවලින් වුණත් ඔය ගොල්ලන්ට පැහැදිලි කරගන්න පුළුවන් වේවි. 1%ක් , 2%ක් වගේ ප්‍රතිශතයක් අපි මොන දේ කළත් සාමාන්‍යයෙන් බේරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ දවසෙම ඒ වාට්ටුවේ ගොඩක් රෝගීන්ට ඔය ඖෂධය පාවිච්චි කරලා තිබෙනවා. එතකොට මෙතන ප්‍රමිතියේ ගැටලුවක් කියන එක අපි දන්නේ නැහැ. හැබැයි මෙතන පෙන්නුම් කරන්නේ ඖෂධය එක්ක සායනිකව දන්නවා මේ වගේ සංකූලතා එනවා...''