.webp)
COLOMBO (News 1st) – පකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ
සංචාරක පකිස්ථානය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත් කෙරිණ.
එහි නායකත්වය දිමුත් කරුණාරත්නට හිමිව ඇති අතර ධනංජය ද සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ද සංචිතයට ඇතුළත් ය.
නවක ක්‍රීඩක ලක්ෂිත මානසිංහට ද එම සංචිතයේ අවස්ථාව හිමිව තිබේ.
දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලබන 16 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.