ත්‍රිපෝෂ බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට..

ත්‍රිපෝෂ බෙදා හැරීමේ කටයුතු යථා තත්ත්වයට..

by Staff writer 13-07-2023 | 3:30 PM

COLOMBO (News 1st) – ත්‍රිපෝෂ නිෂ්පාදනය හා බෙදා හැරීම මේ වනවිට සාමාන්‍ය පරිදි සිදු කරන බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසයි.

එහි සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවේ, දැනට මසකට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 13ක ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බව ය.

2023 වසරේ මේ වනවිට ත්‍රිපෝෂ පැකට් ලක්ෂ 37ක් බෙදා හැර ඇත. 

මාසයකට අවශ්‍ය ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීම සඳහා බඩ ඉරිඟු කිලෝ මෙට්‍ර්ක් ටොන් 15ක් අවශ්‍ය වේ. 

එය දේශීයව සපයා ගැනීමට නොහැකි බැවින් මේ වනවිට එම ප්‍රමාණය ලබා ගනු ලබන්නේ ඉන්දියාවෙනි.

මේ වනවිට ත්‍රිපෝෂ දෙනු ලබන්නේ, ගර්භණී මවුවරුන්ට, කිරි දෙන මවුරුන්ට හා වයස අවුරුදු 03ට වැඩි ළමුන්ට බව ත්‍රිපෝෂ සමාගම පවසයි.