ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263 ක්

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263 ක් හඳුනාගනී

by Staff writer 12-07-2023 | 1:29 PM

COLOMBO (News 1st) – මෙරට ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263 ක් හඳුනාගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 

එහි අධ්‍යක්ෂ ජනරාල් සර්දා වීරකෝන් මහතා සඳහන් කාළේ, එම පාලම් පුළුල් කිරීමට රුපියල් බිලියන 15.3 ක් ඇස්තමේන්තු කර ඇති බවයි.

මීට අමතරව අබලන් තත්ත්වයේ පවතින පාලම් 135 ක් ද හඳුනාගෙන තිබේ. 

ඒවා ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මුදල රුපියල් මිලියන 12.3 ක් බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ  කළේ ය. 

පාලම් ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දෙන්නැයි ඉල්ලීම් කර ඇති බව ද ඔහු පැවසී ය. 

සර්දා වීරකෝන් මහතා ප්‍රකාශ කළේ, එම ප්‍රතිපාදන ලැබුණු පසු පාලම් ප්‍රතිසංස්කරණය ප්‍රමුඛතා පදනම මත සිදුකරන බවයි

පසුගිය දා පොළොන්නරුව මනම්පිටිය කොටලීය පාලමින් බස් රථයක් ඔයට පෙරලී අනතුරක් සිදුවිය. 

එහිදි හෙළි වූයේ අදාළ පාලම පටුවීම හේතුවෙන් එම ස්ථානයේ අනතුරු බහුල වී ඇති බවයි.

එම අනතුරෙන් පුද්ගලයින් 10 කු මියගිය අතර තවත් 40 කට අධික පිරිසක් තුවාල ලැබූහ.