ත්‍රිරෝද රථවල අමතර අලංකරණය ගැන නිවේදනයක්..

ත්‍රිරෝද රථවලට අමතර අලංකරණ උපකරණ සවි කිරිමට ගාස්තු නියම කෙරේ..

by Staff writer 12-07-2023 | 5:03 PM

COLOMBO (News 1st) –  ත්‍රීරෝද රථවල අමතර උපාංග සවි කිරීම සහ අලංකරණය සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගාස්තු ක්‍රමයක් හඳුන්වා දී තිබේ.  

මේ යටතේ ත්‍රීරෝද රථ පිටුපසින් ඉනිමඟක් සවි කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 1000 කි. 

ඉදිරිපස තනි ලාම්පුව වෙනුවට ලාම්පු දෙකක් සවි කිරීම සඳහා රුපියල් 2500 ක් අය කිරිමට නියමිතයි. 

ප්‍රධාන පහන් වෙනුවට LED පහන් සවි කිරීම සඳහා අය කරන ගාස්තුව රුපියල් 1000 කි. 

කොටස් තුනකින් සමන්විත වු ඉදිරි වීදුරුව තනි එකක් සේ සවි කිරීමට රුපියල් 2500 ක් අය කරනු ඇති. 

යාන්ත්‍රික තිරිංග පද්ධති ඉවත් කර නිසි පරිදි ද්‍රාව පීඩන තිරිංග පද්ධති සවි කිරිම සඳහා රුපියල් 1000ක් අය කිරිමට නියමිතයි. 

ත්‍රීරෝද රථය මැද ඇති ආරක්ෂිත වැට ලෝහවලින් හෝ සුදු යකඩවලින් සැකසීමට අය කරන ගාස්තුව රුපියල් 2500 කි.