අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවාවෙන් කැළඹිලි ඇතිවීමට ඉඩ දෙන්න එපා.. ජනපති බටහිර ජාතීන්ගෙන් ඉල්ලයි

by Staff writer 12-07-2023 | 8:23 PM

COLOMBO (News 1st) – අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට මුවාවෙන් කැළඹිලි ඇතිවීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් ඉල්ලීමක් කළේ ය. 

ඔහු මේ ඉල්ලීම කෙළ්,  ඊයේ රත්නපුර නව අධිකරණ සංකීර්ණය විවෘත කරමිනි. 


අධිකරණ ශාලා 07 ක් ඇතුළත් රත්නපුර නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු ද  එක්ව සිටියහ.

ස්වීඩනයේ මෑතකදී ඇතිවූ සිද්ධියක් මුල්කරගෙන ඇදහීමේ අයිතිය ද ප්‍රකාශනයේ අයිතිය ද? යන්න ඇතිවී තිබෙන සංවාදය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් සිදු  කළේ ය.