.webp)
COLOMBO (News 1st) – 2023 - ආසියානු පැසිෆික් විකාශකයින්ගේ සම්මේලනය සංවිධානය කළ ප්‍රවෘත්ති සහ ගෝලීය ප්‍රවෘත්ති සමුළුව අද මලයාසියාවේදී පැවැත්විය.
2023 ආසියානු පැසිෆික් විකාශකයින්ගේ සම්මේලනය සංවිධානය කළ ප්‍රවෘත්ති සහ ගෝලීය ප්‍රවෘත්ති සමුළුව මලයාසියාවේ කූචින් හිදි පැවැත්වුණේ ආසියානු පැසිපික් විකාශකයින්ගේ සංගමයේ ප්‍රවෘත්ති මැදිරි රැසක අධ්‍යක්ෂකවරුන්, ප්‍රධානීන් සහ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සහභාගිත්වයෙනි.
තුර්කියේ ගුවන් විදුලි හා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ඕමර් ෆාරුක් තන්රිවර්දි මහතා මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කෙළ් ය.
මාධ්‍ය ක්ෂේත්‍රයේ වෙනසක් ඇති කිරීමට නායකත්වයදීම යන්න එහි තේමාවයි.
ඕමර් ෆාරුක් තන්රිවර්දි උත්සවය අමතමින් ෙමෙලස අදහස් පළ කළේ ය.
''එකම ප්‍රවෘත්තිය විවිධ මාධ්‍යන් තුළ හැසිරවීමට ඔබ නිර්මාණශීලි විය යුතුයි. අපි මාසයක් පරණ රූපවාහිනියෙ පමණක් පෙන්නපු වැඩසටහනක්, සමාජ මාධ්‍යට මුදා හැරලා මේ වන විට එයට මිලියනයක පමණ පරිශීලකයින් සිටිනවා. අපගේ මීළඟ අරමුණ විය යුත්තේ ඩිජිටල්කරණයට''
කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ ශෙවාන් ඩැනියල් මහතා සිය දේශනයේදී ගම්මැද්ද වැඩසටහනින් සිදුකළ පරිවර්තනය පිළිබඳව විශේෂ අදහස් දැක්වීමක් සිදුකෙළ් ය.
එහිදී පැහැදිලි කෙරුණේ ගම්මැද්ද වැඩසටහනෙන්, ප්‍රවෘත්ති මැදිරිය වෙනස් කළ ආකාරයත්, රටක් අවදි කළ ආකාරයත් පිළිබඳවයි.
''ශ්‍රී ලංකාවේ වැඩිවෙමින් පවතින දරිද්‍රතාවය පිළිබඳ යමක් කළ යුතු බව newsfirst අපි තීරණය කළා. එය ගම්මැද්දේ උපතට හේතු වුණා. අප සමූහයේ හිටපු සභාපති ආර්, රාජමහේන්ද්‍රන් මහතාගේ සංකල්පයක් මත, තමයි ගම්මැද්ද බිහිවුණේ. ඔහු ප්‍රවෘත්ති මැදිරියට අරමුණක් දුන්නා ජනතාව අතරට ගොස් ඔවුන්ගේ හඬට සවන් දෙන්න. ගම්මැද්දේ උපතට හේතු වුණේ දර්ශනයක් එය ඉතා වැදගත් දර්ශනයක් ජනතාවට සවන් දීමෙන් කරුණු උකහා ගන්න. ඉන් සත්‍ය වටහා ගන්න. සත්‍ය මත ක්‍රියා කරනවා කියන්නේ ශ්‍රී ලංකාවේ බෞද්ධ දර්ශනයේ ප්‍රධාන සංකල්පයක්. ඔබ සත්‍ය දැනගෙන එම සත්‍ය මත කටයුතු කරනවා නම්, එම සත්‍ය ඔබව ආරක්ෂා කරනවා''
මෙහිදි සිංගප්පූරුවේ නැන්යැන්න් තාක්ෂණික විශ්ව විද්යාලයේ වී.කිම්.වී සන්නිවේදන හා තොරතුරු පාසලේ, ආචාර්ය ඇන්ඩ්‍රරු ප්‍රාල්, සහ තවත් විශේෂඥයින්, පිරිසක් ආසියානු පැසිපික් විකාශකයින්ගේ සංගමයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ඩෙබොරා ස්ටීල් සමග සංවාදයේ යෙදෙමින් අත්දැකීම් සහ දැනුම බෙදා ගත්තේ ය.
මෙහිදි පරිසර ජනමාධ්‍යවේදී සහ පර්යේෂක ඉෂාන් කුක්රේති කෘතිම බුද්ධියේ සදාචාරය පිළිබඳව දේශනයක් සිදු කළේ ය.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ඉංග්‍රීසි සහ විදේශ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානී ප්‍රසාද් කෞශල්‍යද මෙම උත්සවයට සහභාගි විය.
2023 ABU ප්‍රවෘත්ති සහ ගෝලීය ප්‍රවෘත්ති සමුළුවට මාධ්‍ය ක්ෂේත්‍රයේ, සහ තාක්ෂණික ක්ෂේත්‍රයේ විශාල පිරිසක් එක්ව සිටියහ.
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කුඩා ප්‍රවෘත්ති මැදිරියක් විසින් සිදුකරන විශිෂ්ටතම වාර්තාකරණය සඳහා 2023 Asia vision සම්මානය මෙම උත්සවයේ දී දිනා ගත්තේ ය.