.webp)
COLOMBO (News 1st) – රුපියල් මිලියන 162 ක් වටිනා රත්‍රං කරල් තොගයක් සමග සැකකරුවන් 05 දෙනෙකු, කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා පැවසුවේ, රත්‍රං කරල් 23 ක් සැකකරුවන් සතුව තිබි සොයා ගත් බවයි.
ඒවා, මෙරට සිට ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කිරිමේදි රේගු භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ මිගමුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් 05 දෙනෙකි.
මේ සම්බන්ධයෙන්, රේගු දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරයි.
මේ අතර නීතිවිරෝධිව මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කටුනායකදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
ස්වාර්ණභරණ තොගයේ බර කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 780 කි.
39 හා 52 යන වයස්වල පසුවන සැකකරුවන් වැල්ලම්පිටිය හා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඔවුන් ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණ.
අත්අඩංගුවට ගත් ස්වාර්ණාභරණවල වටිනාකම රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකට ආසන්නයි.
මේ අතර රත්‍රං ග්‍රෑම් 814 ක් නිති විරෝධීව මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ තවත් කාන්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.