.webp)
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට නිරිත දිගින් වූ ගැඹුරු මුහුදේදී විදේශීය යාත්‍රාවකින් එල්ල වූ ප්‍රහරයකින් පසු පිළිස්සුම් තුවාල ලැබූ ධීවරයෙකු, ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙනවිත් තිබේ.
නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් ගමන් ගත් යාත්‍රාව අදාළ මුහුදු ප්‍රදේශයේදී විදේශීය යාත්‍රාවක ගැටී ඇති බවයි.
පසුව විදේශීය යාත්‍රාවෙන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබූ මෙරට ධීවරයෙකු ගොඩ බිමට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
නාවික හමුදාව පැවසුවේ, පසුගිය 22 වැනිදා මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක් එලෙස තුවාල ලබා ඇති බවයි.
ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ එහි සිට ඇති ධීවරයින් සංඛ්‍යාව 05 කි.