.webp)
COLOMBO (News 1st) – මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ආරක්ෂක අමාත්‍යාංශයේදී මෙම හමුව සිදුවූ බවයි.
දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගනිමින්, දෙරටේම ජනතාවට ප්‍රතිලාභ සැලසෙන ලෙස ඉදිරි ආර්ථික සහ සමාජයීය අරමුණු ජය ගැනීම පිළිබඳ එහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.
මෙරට ආර්ථිකය ගොඩ නැංවීමට රජය ගෙන යන ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ පිළිබඳ එහිදි ජනාධිපතිවරයා ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශ සඳහන් කෙළ්, පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අසල්වැසි මිත්‍ර රාජ්‍යය ලෙස ඉන්දීයාව ශ්‍රී ලංකාවට ලබාදුන් අඛණ්ඩ සහය ද ජනාධිපතිවරයා ඇගයීමට ලක් කළ බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි ඉන්දීය නිල සංචාරයේ කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡා කර තිබේ.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ, ඉන්දිය විදේශ ලේකම්වරයා අද පෙරවරුවේ විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහ විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ද හමුවූ බවයි.
ඒ අද පෙරවරුවේ විදේශ කටයුතු අමාත්‍යංශයේදී ය.
ඉන්දීය ගුවන් හමුදාවට අයත් IFC - 33 දරණ යානයෙන් ඊයේ රාත්‍රී 8.55ට පමණ ඉන්දිය විදේශ ලේකම්වරයා මෙරටට ළඟා විය.
ඉන්දීය විදේශ ලේකම්වරයා ඇතුළු සිව්දෙනෙකුගෙන් සමන්විත දූත පිරිස මෙරටට පැමිණ ඇත්තේ, දෙදින නිල සංචාරයක් සඳහායි.