News 1st වාර්තාකරණයට තවත් ජාත්‍යන්තර සම්මානයක්

News 1st වාර්තාකරණයට තවත් ජාත්‍යන්තර සම්මානයක්

by Staff writer 10-07-2023 | 12:14 PM

COLOMBO (News 1st) – News 1st නැවතත් ජාත්‍යන්තර සම්මානයක් දිනා ගත්තේ ය. 

ඒ ආසියානු පැසිෆික් විකාශකයින්ගේ සම්මේලනය සංවිධානය කර තිබූ වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයකදියී.


2022 වසරේ කොළඹ අගනගරය ආශ්‍රිතය පැවැති විරෝධතා ආවරණය කර ජනතාවට තොරතුරු සැපයීම පිළිබඳව ආසියානු පැසිෆික් විකාශකයින්ගේ සම්මේලනය විසින් මෙම සම්මානය නිවුස් ෆස්ට් වෙත පිරිනමා තිබේ. 

අද මලයාසිවේදී පැවැති ආසියානු පැසිෆික් විකාශකයින්ගේ ගෝලීය සමුළුවේදී මෙම සම්මානය News 1st වෙත පිරිනැමිණ. 

News 1st වෙනුවෙන් ඉංග්‍රීසී ප්‍රවෘත්ති අංශයේ කළමනකාරු සුල්ෆික් ෆර්සාන් විසින් මෙම සම්මානය මලයාසියාවේදී ලබාගත්තේ ය.