.webp)
COLOMBO (News 1st) – EPF/ETF කොල්ලයට එරෙහි සටන් ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් අද (10) කොළඹ, කොටුව කාන් ඔරලෝසු කණුව ඉදිරිපිටදී පැවැත්විය.
ආණ්ඩුව IMF කොන්දේසි අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ තීරණයත් සමග රටේ සේවකයන්ට හිමි EPF/ETF අරමුදල් අහිමිවීමේ අර්බුදයක් උද්ගත වී තිබෙන බව විරෝධතාකරුවන් පවසයි.
ඊට විරෝධය පල කිරීමට මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
''රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් EPF/ETF බේරා ගනිමු'' ලෙස සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් මෙම විරෝධතාකාරුවන් සිය විරෝධයේ නිරත වූහ.