.webp)

COLOMBO (News 1st) – රටේ ඇතිවූ බංකොළොත්භාවයට හේතු සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට සමගි ජනබලවේගය තීරණය කර තිබේ.
අදාළ විශේෂ කාරක සභාව පත් කෙරුණේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙනි.
14 දෙනෙකුගෙන් සමන්විත මේ විශේෂ කාරක සභාවේ 9 දෙනෙකුම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වන අතර සමාජිකයින් 05 දෙනකු විපක්ෂය නියෝජනය කළහ.
ඊට ඇතුළත්ව සිටි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ ප්‍රකාශ කළේ, මෙම කාරක සභාවෙන් ඉවත් වන බවයි.
