බැංකු පොලී ක්‍රමයෙන් අඩුවන ලකුණු

බැංකු පොලී ක්‍රමයෙන් අඩුවන ලකුණු

by Staff writer 10-07-2023 | 7:39 PM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාත පහළ දැමීමට සාපේක්ෂව වාණිජ බැංකු සිය ඉතුරුම් පොලි අනුපාත කැපී පෙනෙන ලෙස පහළ දමා තිබේ. 

අද වාණිජ බැංකු රැසක සාමාන්‍ය ඉතුරුම් සඳහා ගෙවන පොලී අනුපාතික  2.5% ත් 3.5% ත් අතර පරාසයකට පැමිණ තිබිණ. 

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය අප්‍රේල් මාසය වනවිට සාමාන්‍ය ඉතුරුම් සඳහා වන පොලී අනුපාතික  12% දක්වා ඉහළ ගොස් තිබිණ. 

අද වන විට ස්ථාවර තැන්පතු සඳහා ගෙවන පොලී අනුපාතික ද 9% ත් 12% ත් අතර පරාසයකට අඩුකර තිබේ.
 
මෙය අප්‍රේල් මාසයේදී සියයට 30% ක උපරිමයක් දක්වා ලබාදී තිබිණ. 

මේ අතර වාණිජ බැංකු රැසක ණය පොලී අනුපාත තවමත් පවතින්නේ  20% කට වඩා ඉහළ අගයකයි.

වාණිජ බැංකු රැසක අද ණය පොලී අනුපාත  20% ත් 28% ත් අතර පැවතිණ. 

පසුගිය අවස්ථා දෙකකදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙළඳපොළ පොලී අනුපාත තීරණය කරන සිය ප්‍රතිපත්ති පොලි අනුපාත පහත දැමීය. 

එහිදි  16% ක පැවති නිත්‍ය ණය පහසුකම් අනුපාතය  12% දක්වා අඩු කළ අතර නිත්‍ය තැන්පතු අනුපාතිකය පහළ දැමුණේ,  15 %සිට  11 %දක්වායි.