.webp)
COLOMBO (News 1st) – පාදෙනිය - අනුරාධපුර මාර්ගයේ අඹන්පොළ ප්‍රදේශයේ අද(10) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් 29 දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුර සිදුව තිබුණේ, පාදෙනියේ සිට අනුරාධපුරය බලා ධාවනය වූ බස් රථයක් කන්ටේනරයක ගැටීමෙන් ය.
අවුරුදු 32 සහ 71 යන වයස්වල පසුවන තලාවේ පදිංචිකරුවන් දෙදෙනෙක් අනතුරින් මිය ගියේ ය.
තුවාලකරුවන් අතරින් කාන්තාවන් හය දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු අඹන්පොළ රෝහලට ඇතුළත් කෙරිණ.
තවත් කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ගල්ගමුව රෝහලේ ය.