.webp)
COLOMBO (News 1st) – කිලිනොච්චිය මහ රෝහලේ ළමුන් සිව් දෙනෙකුගේ මියයාම සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ, රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඒ සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව තමන් වෙත ලබාදීමට නියමිත බවයි.
දැනට සිදු කළ විමර්ශන අනුව එම මියයාම්වලට හේතුව අදාල ළමුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ පැවැති දුර්වලතා බවට අනාවරණය වී ඇතැයිද ඔහු පැවසුවේ ය.
සෞඛ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි.